2024 ඔක්තෝබර් මස 11 වන දින කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ මාධ්‍ය දිනය ගාලු දිස්ත්‍රික්කයේ සියලු පාසල් නියෝජනය කරමින් පාසල් සිසුන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේදී අති සාර්ථකව නිමාව දකින ලදි. ඒ සදහා ගාල්ල කරාපිටිය සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය හා ජාතික රුපවාහිනී සංස්ථාවේ මාධ්‍ය ආවරණය ලබා දුන් අතර නිවැරදි මාධ්‍ය භාවිතය, නිවැරදි මාධ්‍ය වචන භාවිතය, පිළිබදව තරුණ ප්‍රජාවට නිසි අවබෝධයක් ලබා දීම හා මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමට ඇති අවස්ථා පෙන්වා දීම මෙහි මූලික අරමුණු විය.